නිතී වීරෝධීව ඩුබයි යැවිමෙන් අසරණ වුන කතකට සාමාගෙන් ද හිරිහැර-ඇයගේ අත්වල සහ පාදවල අස්ථිත් බිඳීලා

#Sri lankan news#Sri lanka sinhala news#Not registed with the sri lanka bureau of foreign employment###Harassment of a women###
By krishani Jan 05, 2022 07:04 AM GMT
krishani

krishani

Report

මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යවා ඇති  බව වාර්තා වේ.

ඇය සේවා ස්ථානයේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු, පහර දී ගොඩනැගිල්ලේ දෙවන මහලින් බිමට තල්ලු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එම කාන්තාව එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු එහි සේවය කරන "සාමා" නැමැති කාන්තාවක් ඇයට නැවත එම නිවසේ සේවයට යන ලෙස බල කරමින් පහර දී ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස දෙවන මහලින් බිමට තල්ලු කර ඇත. 

බිම ඇදවැටීමෙන් ඇයගේ අත්වල හා පාදවල අස්ථි බිඳී ගොස් ඇත. ඇය මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, ආබාධිත තත්ත්වයේ පසුවේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහනුවර පළාත් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ විමර්ශන අංශයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව එම කාන්තාව නීති විරෝධි අයුරින් විදේශ ගතකළ තැරැව්කරු වන ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 5,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now