වාහන පදින ඔබ ප්‍රවේශමෙන් - වාහන අනතුරු ඉහළට

Report

සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසන්නේ 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ සිදුවූ රථ වාහන අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 322කින් ඉහළගොස් ඇති බව පවසයි. ‍

එමෙන්ම පසුගිය 2024 වසරේ දී මාරක රිය අනතුරු 2,287ක් සිදුව ඇති බවත්, ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 2,388ක් බවත් වාර්තා වේ. නමුත් පසුගිය 2025 වසරේ දී සිදුවූ මාරක රිය අනතුරු ගණන 2,562ක් දක්වා ඉහළගොස් ඇති බවත්, ඒ හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවද 2,710ක් දක්වා වැඩිවී ඇති බවත් තොරතුරු වාර්තා වේ.

මෝටර් රථ රියැදුරන්ට විශේෂ නිවේදනයක්

මෝටර් රථ රියැදුරන්ට විශේෂ නිවේදනයක්

මේ අතර රථවාහන නීති උල්ලංඝනය කිරීම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වාදී තිබෙන 'E-Traffic'යෙදුවුමට මෙම වසරේ දී නව ක්‍රමවේද එක්කර ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව යම් පුද්ගලයෙකු නීති විරෝධීව වාහන පදවන්නේ නම් ඒ පිළිබඳ පදිකයෙකුට, මගියෙකුට, රියදුරෙකුට මෙම 'E-Traffic'යෙදුවුම මගින් කඩිනමින් පොලිස් මූලස්ථානය දැනුම්වත් කළ හැකි බවත් සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේය.

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ