බස් රථයෙන් ගමන් කරන්නන්ට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි

Report

අද (01) දින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා නව වැඩසටහනක් හඳුන්වා දී ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර විනිවිදභාවය තව දුරටත් තහවුරු කිරීමත් මෙහි අරමුණ වී ඇත.

මෝටර් රථ රියැදුරන්ට විශේෂ නිවේදනයක්

මෝටර් රථ රියැදුරන්ට විශේෂ නිවේදනයක්

මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ ව්‍යාපෘති වැඩසටහන අද (01) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවේ.

නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ඇති අතර එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවද සඳහන් වේ.

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

මෙම නියමු ව්‍යාපෘතිය මාකුඹුර-ගාල්ල හා මාකුඹුර-ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක අද සිට ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා,මහජන බැංකුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.