ගංජා සමග හතරදෙනෙක් අත්අඩංගුවට
By Kanchana
ගංජා කිලෝ 150කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු හම්බේගමුව මීගහකිවුල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම අක්කරයක පමණ භූමි ප්‍රමාණයක පැළකරන ලද ගංජා පැල 30,000කට අධික ප්‍රමාණයක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද එම කාර්යාංශය සමත් ව තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදු කර ඇත.
මේ අතර ගංජා පැළ 2,420ක වවා තිබූ අක්කර භාගයක භූමි ප්‍රමාණයක් ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම ප්‍රදේශයේදීම වටලා තිබේ.
එම අවස්තාවේදී ද සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.