මහින්දගේ ආරක්ෂක නෙවිල්ගේ පැටිකිරිය මෙන්න - නෙවිල් මෙහෙම කෙනෙක් කියලා දන්නවද

Report

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි, ආරක්ෂක අංශවල තනතුරු වංචනික ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ නෙවිල් වන්නිආරච්චි යනු කවුද යන්න පිළිබදව බොහෝ දෙනෙක් හොයන්න පටන්ගත් අතර එම නිසාම මේ වනවිට ඔහු පිළිබඳව කරුණු රැසක් අනාවරණය විය.

ඔහුගේ ඉතිහාස කතා අතර ඔහු යුද හමුදා ස්වේච්ඡා බලකායේ සෙබලෙක් වන අතර සිය ගමේ සම්බන්ධතා හරහා ඔහු ගෝඨාභයගේ හමුදාවේ සේවය කරනා අවධියේ ඔහුගේ රියැදුරෙකු වශයෙන් කටයුතු කර ඇතිබව සඳහන් වේ.

ගෝඨාභය හමුදාවෙන් ඉවත් වී ඇමරිකාවට යෑමට පෙර ඔහු නෙවිල් වන්නිආරච්චි මහින්ද රාජපක්ෂට හඳුන්වා දෙන්නේ විශ්වාසවන්ත සේවකයෙකු යන නාමයක් යටතේ ය. ඉන්පසු හමුදාවෙන් නිවාඩු ගෙන පැමිණෙන අවස්ථාවන්හි දී මහින්ද රාජපක්ෂගේ සහායට යන ඔහු 1989 මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමත් සමග නීත්‍යාණුකූලව ඔහුගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කෙරූ බව සඳහන්.

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

එතැන් පටන් අද දක්වා ඔහු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආවතේව කරුවෙකු වශයෙන් කටයුතු කර ඇත. නෙවිල් වන්නිආරච්චි හමුදාවෙන් වැටුප් ලබන ස්වේච්ඡා හමුදාවේ සාමාජිකයෙකු වුවත් ඔහු කිසි දිනෙක හමුදා නිල ඇඳුම් නොඅඳියි.

ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නෙවිල්ට ප්‍රභූ ආරක්ෂාව පිලිබඳ කිසිදු පුහුණුවක් නොමැති බව ද ප්‍රකාශ කර ඇති බව සඳහන්. අනතුරුව සාජන්ට් නෙවිල්ගේ බල පරාක්‍රමය පැතිර යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් පසුවය.

ස්වේච්ඡා හමුදාවේ සාජන්ට්වරයෙක් වූ ඔහුට හමුදාවේ නිලධාරියෙකු වීමට අවශ්‍ය වූ බවත් යුද හමුදාවේ නිලධාරීන් නොවන සාමාජිකයන්ට නිලධාරී ධූරයන්ට පත්වීමේ නීත්‍යානුකූල මාර්ගයක් පවතින නිසා ඒ සඳහා නිලධාරී නොවන සාමාජියන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කළ යුතුය.

ඒ අතරින් ඉහලම උසස්වීම වන්නේ නිලධාරී නොවන මට්ටමේ සිට ලුතිනන් ධූරයට පත් කිරීමයි. ආරක්ෂක ඇමැති වශයෙන් මහින්ද රාජපක්ෂ නෙවිල්ගේ “විශිෂ්ඨ“ සේවය සලකා ඍජු ලුතිනන් ධූරයට උසස් කළ බවත් සඳහන්. නිලධාරීන් නොවන හමුදා සාමාජිකයන් දහස් ගණනක් අතරින් අයෙකු වසර ගණනාවක් දහඩිය කඳුළු ලේ වගුරුවා ලබා ගන්නා මෙවැනි උසස් වීමක් නෙවිල් වන්නිආරච්චිට ලැබුණේ නිරායාසයෙන් බව බහුතරයක් දෙනා පවසයි.

ඉන්පසු වසරින් වසර ඔහු උසස්වීම් වලින් පුදනු ලැබීය. ඒ කිසිදු උසස්වීමක් ඔහුගේ දක්ෂතාවයන්ට ලැබුණු දෑ නොවන බවද සදහන්. වර්තමානය වන විට ඔහු ‘මේජර්‘ නෙවිල් වන්නිආරච්චිය. කපිතාන් ධූරයේ සිට මේජර් ධූරයට උසස්වීම සඳහා හමුදාවේ තරඟකාරී විභාගයකට පෙනී සිටීමට සිදුවන අතර එම විභාගයේ ප්‍රශ්න පත්‍ර සියල්ලටම පිළිතුරු ලිවිය යුත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

නමුත් ඉංග්‍රීසි භාෂාවේ වචන දෙකක් හරියට ගැට ගසා ගෙන කථා කළ නොහැකි නෙවිල් මෙම තරඟකාරී විභාගය සමත් වී මේජර් ධූරයට උසස් වූයේ නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාග සමත් වූ ආකාරයට විය යුතු බවට ද තවත් බහුතර දෙනාගේ මතයයි.

මෙම තත්ත්වය තුළ, නීති විරෝධී වත්කම් රැස් කිරීමේ චෝදනාව මත අවසානයේ දූෂණ මර්දන කොමිසම විසින් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගත් අතර ඔහු මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනා වනුයේ, රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවයි.

මහින්දගේ ආරක්ෂක නෙවිල්ගේ පැටිකිරිය මෙන්න - නෙවිල් මෙහෙම කෙනෙක් කියලා දන්නවද | Who Is Neville Mahinda S Security Arrest Story

එමෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරමින්,

"ස්වාමීනී 2014 වසරේ ජූලි මස 24 වන දා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත්, එම තොරතුරු නිසියාකාරව ඔහු ලබා දුන්නේ නෑ. පසුගිය වසර හතක කාලයක් තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ ඒ සඳහා ප්‍රකාශ ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීම ඔහු මගහැර තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසයේ ඔහු තොරතුරු සමහරක් ලබා දුන්නා.

ඒවා අසම්පූර්ණ තොරතුරු. මේ වන විට සිදු කර තිබෙන විමර්ශනවලට අනුව සැකකරු තමන්ගේ නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28ක් වැඩිපුර උපයාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. මෙම සැකකරුට ප්‍රකාශ ලබා දෙන්න කියලා අවස්ථා කිහිපයක ම දැනුම් දුන්නා. එහෙත් ඔහු ආවේ නෑ. දුරකතන ඇමතුම් ලබාදුන්නත් ඒවාට පිළිතුරු ලබා දුන්නෙ නෑ. අවසානයේදී එක් දුරකතන ඇමතුමකට ඔහු තත්පර 52ක පිළිතුරක් ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ "දැන් එන්න බැහැ කියල යි,"

යනුවෙන් ප්‍රකාශ කර තිබේ.කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කයුතු සිදු කෙරේ.

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්