තාජුඩීන්ට මොකද වුණේ - කජ්ජගේ පුතා පොලිසියට? නෑදෑයන්වත් ප්‍රශ්ණ කරයි

Report

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසන්නේ 2012 වසරේදී ඝාතනයට ලක්වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි වාහනයේ මිද්දෙණියේ “කජ්ජා” නොහොත් අරුණ විදානගමගේ සිටි බවට ඔහුගේ බිරිඳ විසින් සිදු කරන ලද හඳුනාගැනීම සම්බන්ධයෙන්, කජ්ජාගේ ඥාති සහ හිතමිත්‍රාදීන් ඇතුළු පිරිසකගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

ඊට අමතරව කජ්ජාගේ පුත්‍රයාගෙන් ද නැවත ප්‍රකාශයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පැවසුවේය.

අරුණ විදානගමගේගේ පුත් ඉඳුවර විදානගමගේ විසින් මීට පෙර මාධ්‍ය වෙත අනාවරණය කළ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් මේ බාවා පවසා ඇත. 2012 වසරේ තාජුඩීන් ඝාතනයට සිය පියා සම්බන්ධ බවට මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කළ අතර අසත්‍ය ප්‍රකාශයක් බවට පුතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

කජ්ජාගේ බිරිඳගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් තවදුරටත් සාක්ෂි රැස්කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2012 වසරේ සිට මේ දක්වා කාලය තුළ එම මෝටර් රථය අසල සිටි පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොතිබූ බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද ඔහු පැහැදිලි කළේය.

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි