කමාන්ඩෝ සලින්තට ගිනි අවි හා උණ්ඩ ලබාදීපු යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට

Report

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සලින්ද පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත නමැත්තාට ගිනි අවි හා උණ්ඩ ලබාදීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම සෙබළු 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ගණේමුල්ල පළමුවන කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කමාන්ඩෝ සලින්තගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, අදාළ සැකකාර සෙබළු විසින් ඔහුට ටී-56 උණ්ඩ, 9 මි.මී. වර්ගයේ පිස්තෝල උණ්ඩ ඇතුළු යුද හමුදා උපකරණ මුදලට ලබාදීම සහ අපරාධ සඳහා යොදාගන්නා ගිනි අවියක් අලුත්වැඩියා කිරීමක් සිදුකර ඇති බවයි.

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

මෙම සැකකරු 2017දී ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ අතර, එහිදී කමාන්ඩෝ සලින්ත ඔහු යටතේ සේවය කර ඇති බව වාර්තා වේ. ඔහු විනය විරෝධී ක්‍රියාවකට හේතුවෙන් එම රෙජිමේන්තුවෙන් ඉවත් කර, පාබල හමුදාවට අනුයුක්ත කර ඇති බවත් සඳහන් වේ.

සැකකරුට ටී-56 උණ්ඩ 260ක් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 6.5කට අලෙවි කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු මල්ලාවි පලෙයිනගර් යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස සේවය කරමින් සිටියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට භාරදී ඇති බවත් එහිදී හෙළි වී ඇත.

රුසියාවට ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

රුසියාවට ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී මීට සති කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර පොලීසිය සහ ඉන්දුනීසියානු ආරක්ෂක අංශ එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින්. ඔවුන් මෙරටට ගෙන ඒමට පෙර ඩුබායි, මැලේසියාව සහ ඉන්දුනීසියාවේ රැඳී සිටි බවත් වාර්තා වේ. 

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්