මහින්ද රාජපක්ෂ මහත්තයාට අත් වෙච්චි ඉරණමක් නැහැ එයාලා හිටියටත් වඩා හොඳට ඉන්නවා - චාමර

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (19) දින බදුල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබෙනවා.

ඒ බදුල්ල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී තරුණ, කාන්තා, භික්ෂු සංවිධාන පිහිටුවමින් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑම මෙම ප්‍රතිසංවිධාන කටයුතුවල අරමුණ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 9ම මීට එක් කරගන්නා බව ද සඳහන් කළා.

මේ අතර තව දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ,

වසන්ත තමයි කැම්පස් එකේදි යාළුවන්ට කන්න අඳින්න දුන්නේ..මාසෙට මිලියන ගණන් හෙව්වේ - සුනිල්

වසන්ත තමයි කැම්පස් එකේදි යාළුවන්ට කන්න අඳින්න දුන්නේ..මාසෙට මිලියන ගණන් හෙව්වේ - සුනිල්

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු ඒවගේම තරුණ සංවිධාන කාන්තා සංවිධාන වගේම තරුණ සංවිධාන කාන්තා සංවිධාන භික්ෂු සංවිධාන ගොවි සංවිධාන වගේ සියළුම සංවිධාන පිහිටුවාගෙන අනාගතයේදී තව කල් තියෙනවානේ මේ ආණ්ඩුව ගැන ජනතාවගේ ප්‍රතිචාර බලබල අපි ආයෙ සූදානම් වෙනවා. පක්ෂවල අර්බුද තියෙනවා කොයි පක්ෂෙත් අර්බුද තියෙනවා එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගය අර්බුදයක් තියෙනවා. ඒක හෙට ඒක එක්සත් ජාතික පක්ෂ සම්මේලනය වෙලාවේ සමගියයි එක්සත් ජාතික පක්ෂයි දෙක සමගිවෙන්න යනවා කියලා තියෙනවා. කවුරුත් මැජික් වැඩ කරන්නෑ මැජික් වැඩ කරන්න අවශ්‍ය නැහැ අපිට ඔය කරපු අය තමයි දැන් මැජික් පෙන්න පෙන්න ඉන්නේ. රට යන අත දැන් පේනවනේ ඔය එන වත්කම් බැරකම් ප්‍රකාශන අන්න ඒගොල්ලොන්ට නම් පෞද්ගලිකව හොඳයි. මගේ වත්කම් ප්‍රකාශ භාරදීල තියෙනවනේ. ඒකට දැන් CID එකේ කට උත්තර දෙන්න ඕනේ. අපි නම් කමක් නෑ ඉතින් අපේ වත්කම්නේ අපි කාගෙන්වත් ඇඳුම් ඇන්දේ නෑ කරෝල කෑවේ නෑ කෙසෙල් කැන් ගෙනාවෙ නැහැ අපිට ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඒගොල්ලොන්ගේව බලන්නකෝ රටේ නීතිය එක කොටසකට ක්‍රියාත්මක වෙනවා. එයාලගේ අයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ"යනුවෙන්.

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

එසේම මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ,

"මහින්ද රාජපක්ෂ මහත්තයාට අත් වෙච්චි ඉරණමක් නැහැ එයාලා හිටියටත් වඩා හොඳට ඉන්නවා. රාජපක්ෂ මහත්තයාට එක ගෙදරට ගෙවල් හතරක් හම්බෙනවා ඒක නිසා එක ප්‍රශ්නයක් කරගන්න එපා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටත් ගෙවල් හම්බෙනවා. එනිසා ඒ අය කැලේ හිටපු මිනිස්සු නෙමේ ඒ මිනිස්සු ඒ නිසා කිසි ප්‍රශ්නයක් කරගන්න එපා ඒ මිනිස්සුන්ට කොහේ හරි ගෙවල් දෙන්න මිනිස්සු ඉන්නවා මේ රටේ. " යනුවෙන්.

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි