"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව
උඩුදුම්බර, තලගුණේ ප්‍රදේශයේ දී මවක් විසින් තම දරුවන් තිදෙනාට වස පානය කිරීමට දී ඇයද වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ සියදිවි නසා ගෙන මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය මානසික ආබාධයක් නිසා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වේ. 34 හැවිරිදි වියේ පසු වූ ඇගේ සැමියා ද මීට දින දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටියදී මිය ගොස් ඇත.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
ඔවුන්ගේ දරුවන්ද වයස අවුරුදු 12, 10 හා 5 වයස්වල පසු වන අතර ඔවුන්ද ලියුකේමියා රෝගයෙන් පීඩා විදියි. සිදුවීමෙන් මේ වනවිට දරුවන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අතර ඔවුන් උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ සිදුවීම පිලිබදව ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන් පැවසුවේ,
අපිට මේ දරුවෝ රැකගන්න පුලුවන්.කන්න බොන්න දීලා බලාගන්න පුලුවන්.සෙනෙහසක් කියන දේ අපිට දෙන්න බෑ.ඒ දෙන්නම දරුවන්ට අසීමිතව ආදරය කරා.මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දරු පැටව් වෙනුවෙන් යම් මෙහෙවරක් කරලා දෙන්න කියලා. "
මේ පිළිබඳ අදහස් දක්වන මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර,
"අපි කාටත් ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ප්‍රශ්න එක්ක ජීවිතේ කඩාවැටීම්, කලකිරීම් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ජීවත් වුණා ඇති, මැරුණා නම් හොඳයි වගේ සිතුවිලි එන්න පුළුවන්. එහෙම සිතුවිලි නැවත නැවත එනවා නම් එය කිසිවිටෙකවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ඇඟවෙන්නේ ඔබට උදව් අවශ්‍ය බවයි.
ඔබට උදව් ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඔබේ පවුලේ වෛද්‍යවරයාට කතා කරන එක, කුඩා දරුවන් ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවකට කතා කරන්න. කවුරුත් නැත්නම් ඔබට 1926ට කතා කරන්න මානසික සෞඛ්‍ය උපකාරක සේවයට.
පැය 24ම ක්‍රියාත්මකයි. ඔබට උදව් ගන්න පුළුවන් තැනක් අපි හොයලා දෙන්නම්." මේ අතර අම්මාත් තාත්තාත් නැතිව තනිවුණු මේ පැටවුන් තිදෙනාගේ ජීවිතය රැකගන්නට ඥාතීන්ට දැන් දැඩි සටනක් ඇරඹීමට සිදුව තිබේ. මල් කැකුළු තුනක් වැනි මේ දරුවන්ගේ ප්‍රතිකාර නිසි ලෙස සිදුකොට ඔවුන් රැකබලාගන්නට අත දෙන්නට ඔබ කැමතියි නම් මේ ඒ සඳහා අවස්ථාවයි.
වැඩි විස්තර - 0759356506