මේ ගංගා උතුරයි කියලා බයේ හිටපු ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය මට්ටමට පැමිණෙමින් පවතින බව සඳහන් කරයි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ගංගා කිහිපයක ජල මට්ටම් මේ වන විට සුළු ගංවතුර තත්ත්වක් දක්වා පැවතියත් එය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවට නිරීක්ෂණය වී තිබෙන බවයි.

එබැවින් නිල්වලා ගඟේ හි තල්ගහගොඩ ජල මට්ටම තවමත් සුළු ගංවතුර මට්ටමක් දක්වා පැවැතියද එය ක්‍රමයෙන් අඩු වෙමින් පවතියි.

එසේම ගිං ගඟෙහි ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණද බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා පවතියි. එහෙත් එයද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.

මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ ආරංචි රැසක් - නව දීමනාවක්, විද්‍යුත් යතුරුපැදි සමඟින් විදේශ පුහුණුවීම්

මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ ආරංචි රැසක් - නව දීමනාවක්, විද්‍යුත් යතුරුපැදි සමඟින් විදේශ පුහුණුවීම්

මේ අතර මිල්ලකන්ද, කුඩා ගඟ ජල මට්ටම්ද සුළු ගංවතුර තත්ත්වයක් දක්වා පැවතියද එය ක්‍රමයෙන් මේ වන විට සාමාන්‍ය ජල මට්ටමක් කර පැමිණෙමින් පවතින බවද පෙන්වා දුන් ඔහු වාරිමාර්ග දෙපාර්තම්න්තුවෙන් පාලනය වන අනෙකුත් ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයේ පවතින බවද පැවසුවා.

තවද අද දිනයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පුරෝකථනවල සඳහන් වනුයේ විශාල වර්ෂාපතනයක් ලැබීමේ පුරෝකථන නොවන හෙයින් පවතින ගංගාවල ජල මට්ටම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය නොවනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද එල්.එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියා.  

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

මීට පස්සේ පාසල්වලට බුර්කාව සහ නිකාබ් තහනම් - හිජාබයට අදාළ නොවෙන බවට ඉතාලියෙන් නිවේදනයක්

මීට පස්සේ පාසල්වලට බුර්කාව සහ නිකාබ් තහනම් - හිජාබයට අදාළ නොවෙන බවට ඉතාලියෙන් නිවේදනයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්