හෙට සිට කොළඹ වාහන අඩු වෙයි - මේ පොදු ප්‍රවාහන සේවාව ගැන දැනුම්දීමක්

Report

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට එක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව හෙට (29) දින සිට එම මෙහෙයුම් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙට්‍රෝ බස් සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා සඳහන් කරයි.

එසේම මෙම නව බස් රථ කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් හරහා ධාවනය වන අතර, මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන ලෙස සේවාවන් ක්‍රියාත්මක කරයි.

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

මේ අතර සභාපතිවරයා කියා සිටියේ, “මහජනතාවට සුවපහසුවෙන් සහ ආරක්ෂිතව තම ගමනාන්ත වෙත ළඟා වීමට උපකාර කිරීම සඳහා අපි මෙම බස් රථ සේවාව හඳුන්වා දෙන්නෙමු,” යනුවෙන්.

එසේම නව බස් රථ හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණක් වන්නේ කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව, අවම කිරීම බව ඔහු පැවසුවා.

මීට පස්සේ පාසල්වලට බුර්කාව සහ නිකාබ් තහනම් - හිජාබයට අදාළ නොවෙන බවට ඉතාලියෙන් නිවේදනයක්

මීට පස්සේ පාසල්වලට බුර්කාව සහ නිකාබ් තහනම් - හිජාබයට අදාළ නොවෙන බවට ඉතාලියෙන් නිවේදනයක්

එමෙන්ම වර්තමානයේ බොහෝ දෙනෙකු කාර්යාල වෙත යාමට සහ ඒම සඳහා පෞද්ගලික වාහන භාවිතා කරන බවත්, බොහෝ විට එක් වාහනයක ගමන් කරන්නේ එක් පුද්ගලයෙකු පමණක් බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් දෛනික ගමනාගමනයට විශාල වාහන සංඛ්‍යාවක් භාවිතා වන බවත් පෙන්වා දුන් තිලකරත්න මහතා මෙම බස් රථ හඳුන්වා දීම තුළින් භාවිතා වන වාහන සංඛ්‍යාව අඩු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළා.

එසේම දෛනික ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට මහජනතාව දිරිමත් කිරීමෙන් කොළඹ පවතින රථවාහන තදබදය විසඳීමට උපකාරී විය හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්