තවත් භයානක රෝගයක් ශ්‍රී ලංකාවෙන්..රෝගීන් 23000ක්..

Covid Sri Lanka Dengue fever Healthy ministry
By Aruna Nov 11, 2021 02:10 AM GMT
Aruna

Aruna

Report

පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේවනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් විසිතුන්දහසක් (23000)ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරි ලහිරි කොඩිතුවක්කු පැවැසීය.

පසුගිය දිනවල ජාතික ඩෙංගු මර්දන ඒකකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු වෛද්‍ය පර්‌යේෂණ ඒකකය සහ වෛද්‍ය පර්‌යේෂණ ආයතනය එක්ව සිදුකළ සමීක්ෂණයකදී ඩෙංගු මදුරු කීටයන් වැඩි වශයෙන් ඉදිකිරීම් පරිශ්‍රවලින් වාර්තා වන බව තහවුරු වී තිබේ.

එසේම ඩෙංගු වයිරස් කාණ්ඩ හතරක් පුද්ගලයන්ට වැලඳෙන බවත්, ඉන් දෙක තුන යනුවෙන් හඳුන්වනු ලබන වයිරස් කාණ්ඩය වැඩිවශයෙන් වැලඳෙන බවට හඳුනාගෙන ඇති බවත් වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha