මුළු රටම බිය ගන්වමින් හෙළිවූ දේ..අළුයට සැගවුණ ගිනිපුපුරු මතුවෙයි.
විමර්ශනවලදී හෙළිවූ දේ එළියට පසුගිය වසරේ දී ඉන්දියාවේ ලක්ෂද්වීප් දිවයින් ආසන්නයෙන් ඉන්දීය වෙරළාරක්ෂක භාරයට ගැණුනු අවිආයුධ සහ මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් යාත්‍රාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරින් බව හෙළි වී ඇතැ යි ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය පවසනවා.
පසුගිය වසරේ මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙන්ම ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 5ක් සහ උණ්ඩ දහසක් සමග රවිහන්සි නමැති යාත්‍රාව සහ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
පසුව අදාළ පරීක්ෂණ ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය වෙත පැවරුණා.
ඔවුන් සිදු කරන ලද විමර්ශනවලට අනුව යි සුරේෂ් රාජ් සහ සෞන්දර්රාජන් නමැති තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ.
ඉන්දීය ජාතික ආරක්ෂක ආයතනය කොචී අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ මොවුන් දෙදෙනා තමිල්නාඩුවේ සහ වෙනත් විදේශ රටවල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරින් සමඟ එක්ව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඒ සඳහා ඩිජිටල් සාක්ෂි එක්රැස් කරගෙන ඇති බව ද ඔවුන් කොචීහි විශේෂ අධිකරණයට දැනුම් දී තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී මෙම කරුණු අනාවරණ වී ඇති බව සඳහන්.
ඒ අනුව අරමුදල් රැස්කිරීම මෙන්ම අනාගත සැලසුම් පිළිබඳව ද ඔවුන් කරුණු හෙළි කල බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණයට ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
