ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් රතු එළියක්..ලංකාවත් ඉහළ අවධානම් ලැයිස්තුවට.

Covid Sri Lanka American Touwerism
By Aruna Sep 08, 2021 04:25 AM GMT
Aruna

Aruna

Report

ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදයන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙස සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කළා.

එහි සංචාරකයින් සඳහා වන යාවත්කාලීන කළ කොරෝනාවෙන් වැළකී සිටීමේ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෲනායි 04 වන මට්ටමේ එනම් ඉහළ අවදානම් ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ සංචාරය අත්‍යවශ්‍ය නම් ඊට පෙර පූර්ණ එන්නත්කරණය ලබා සිටිය යුතු බවට ද අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය උපදෙස් දෙනවා.

දැන් පවතින වාතාවරණය අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට පවා කොරෝනා ප්‍රභේදයන් ආසාදනය විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, මුව ආවරණ පැළඳීම සහ අඩි හයක සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම ඇතුළු මෙරට සෞඛ්‍ය අංශවල නිර්දේශ පිළිබඳව ද දැනුවත් ව සිටින ලෙස එමඟින් අමෙරිකානුවන්ට උපදෙස් දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha