නව කැලණි පාලම භාවිත කරන අය මේ ගැන දැනුවත්ද? - අද සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා මාර්ග කිහිපයක් වැසෙයි

Report

නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර ඇත්තේ අද (23) සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා විවිධ කාලසීමාවන් තුළදී මෙම මාර්ග වසා තැබෙන බවයි.

ඒ අනුව, කටුනායක සහ මහනුවර දෙසින් ඉඟුරුකඩේ මංසන්ධිය හරහා කොළඹ වරාය දෙසට ගමන් කරන වාහන සඳහා පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත පිටවීම් භාවිත කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ගිනිගත් කර්මාන්ත ශාලාව බලන්න ගිය ඇමති අනිල් ජයන්තට ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක්

ගිනිගත් කර්මාන්ත ශාලාව බලන්න ගිය ඇමති අනිල් ජයන්තට ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක්

එමෙන්ම, ඔරුගොඩවත්ත දෙසින් කොළඹ වරාය හෝ ඉඟුරුකඩේ මංසන්ධිය වෙත ගමන් කරන වාහන නව කැලණි පාලම ආශ්‍රිත බිම් මට්ටමේ මාර්ගය ඔස්සේ ගමන් කර පෑලියගොඩ පිවිසුම භාවිත කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

බොරැල්ල දෙසට ගමන් කරන වාහන සඳහා ද නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අදාළ කාලසීමාව තුළ එම මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග පිළිබඳ අවධානය යොමු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

රන් උකස් ණයට 70% සීමාවක් - බැංකු සහ ගනුදෙනුකරුවන් ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

රන් උකස් ණයට 70% සීමාවක් - බැංකු සහ ගනුදෙනුකරුවන් ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්