සිව්වන ස්ථානයේ සිටි ලංකාව ආසියාවෙන්ම පළමු ස්ථානයට..?අතිශය භයානක තත්ත්වයක්..!

covid19 infections deaths delta variety asian rank
By Sewvandhi Aug 21, 2021 04:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ.

මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන අනුපාතය සැලකීමේදී මේ වනවිට දකුණු ආසියානු කලාපයේ රටවල් 8 අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

ඒ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් මරණ අනුපාතය 9 ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙනි. එම අනුපාතයට අනුව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවන, තුන්වන, සිව්වන, පස්වන හා හයවන ස්ථානවල පසුවෙයි.

මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා වී නොමැති බව සඳහන් වෙයි. භූතානයේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වාම සිදුව ඇත්තේ මරණ 3ක් පමණි. මීට පෙර ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවුණත් පසුගිය දින 10ක පමණ කාලය තුළ දෛනික මරණවල සීඝ්‍ර වර්ධනයත් සමග ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇති බව පෙනී යයි.

එමෙන්ම,මෙරට කොරෝනා මරණ සහ දෛනික ආසාදිතයින් වාර්තා වීම යළිත් වාර්තාගත අගයකට පැමිණ තිබෙනවා. ඊයේ (20) මෙරටින් නව මරණ 195ක් වාර්තා වූ අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 3839ක් ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද ඊයේ (20) නිකුත් කෙරුණු වාර්තාවට අනුව මෙරට නව මරණ 195ක් සමඟ සමස්තය 6985 දක්වා ඉහළ ගියා.

මිය ගිය පිරිසගෙන් 151ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 30ත්, 59ත් අතර පුද්ගලයින් 43 දෙනෙකු කොරෝනා ආසාදිත ව මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, මෙරටින් ඊයේ (20) ආසාදිතයින් 3839 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 377,004ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයින්ගෙන් 3835 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට 04 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනුණා.

- - - - - - - -- - - - - - - - - - - - - - - - - - - - - -- -

ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූ වෛද්‍යවරයා-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now