ඉන්දියාව පරදා ඉංග්‍රීසිවලින් ලංකාව අඩියක් පෙරමුණට - අලුත්ම වාර්තාවක්

Report

Education First (EF) ආයතනය මඟින් 2025 වසර සඳහා නිකුත් කරන ලද නවතම ගෝලීය ඉංග්‍රීසි ප්‍රවීණතා දර්ශකයට (English Proficiency Index) අනුව, ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව හෙළි වී ඇත.

ඒ අනුව මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 486ක් ලබා ගනිමින් ආසියානු කලාපයේ 09 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ඉන්දියාව ලකුණු 484ක් ලබා ගනිමින් 10 වැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන්.

එමෙන්ම ලෝකයේ රටවල් 123ක් අතරින් ශ්‍රී ලංකාව සමස්ත දර්ශකයේ 73 වැනි ස්ථානය දිනාගෙන ඇත.

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

ඊට අමතරව දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වන නේපාලය (ලකුණු 514), බංග්ලාදේශය (ලකුණු 506) සහ පකිස්ථානය (ලකුණු 493) යන රටවල් ඉංග්‍රීසි ප්‍රවීණතාව අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරි මට්ටමක පසුවෙයි.

ආසියානු කලාපයේ ඉහළම ඉංග්‍රීසි ප්‍රවීණතාවක් සහිත රට වශයෙන් මැලේසියාව ලකුණු 581ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙන අතර, පිලිපීනය දෙවැනි ස්ථානයත්, හොංකොං තෙවැනි ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා වැඩිහිටියන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැන බැලීම සඳහා වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම ගෝලීය දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව තවමත් වර්ගීකරණය කර ඇත්තේ අඩු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවක් සහිත රටවල් කාණ්ඩයටයි.  

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

Gallery