ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව තවත් ඉහළට - එක් අයෙකුට මාසයකට රුපියල් 17,592ක් ඕනෑ වන සත්‍ය මෙන්න
By Kanchana
ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් ඇත .
එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමක් බව සදහන් වේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල නිල දරිද්‍රතා රේඛාව මගින් ප්‍රකාශයට පත්කිරීම සිදු කරනු ලබයි .
ඒ වගේම ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 18,973ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 18,876ක් ලෙස වාර්තා වී තිබේ .
දරිද්‍රතා රේඛාවේ අවම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
එම අගය සදහන් වෙන්නේ රුපියල් 16,821ක් ලෙසයි .