අරගලයට එක් වුණ අලුත්ම පුද්ගලයා - හෙළ සිනමා දැවැන්තයාත් කලකිරීමෙන්.. (PHOTO)

protest actor Sri lanka sinhala news today trending news Mr.Raweendra Randeniya
By krishani Apr 15, 2022 02:36 AM GMT
krishani

krishani

Report

තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.

ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.

මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත.

ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට පැමිණ ඔහු මේ බව පවසා තිබේ.

එම ගීතය ගායනා කළ සහේලි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery