අව් වැසි නොතකමින් සිව්වන වරටත් පවත්වන ගාලුමුවදොරපිටියේ අරගලය.. (VIDEO)

colombo Sri lanka sinhala news today trending news galleface protest
By krishani Apr 12, 2022 03:43 AM GMT
krishani

krishani

Report

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී.

එම විරෝධතාවය සඳහා ඊයේ (11) රාත්‍රියේදීත් රංගන ශිල්පීන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්රැස් වී සිටියේ ය.

ඊයේ රාත්‍රීයේ ගාලු මුවදොර පිටිය ට අධික ලෙස වර්ෂාවක් පතිත වුවද විරෝධතාකරුවන් අඛණ්ඩව සිය විරෝධතාවයේ නිරතව සිටියේය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join