තවත් විදුලි බලාගාරයක් වැසේ.. දින 6 කින් රටම අඳුරේ ..?
srilanka
Power
petroliom
By Sithumi
-ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය මීට සුළු මොහොතකට පෙර වසා දමා තිබෙනවා. ඒ හේතුවෙන් මෙගවොට් 110 ක් පමණ පද්ධතියට අහිමි වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.
කෙසේ වෙතත්, අද දිනයේ විශාල විදුලි ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොවන බව ද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා. කැළණිතිස්ස බලාගාරයේ කටයුතු සිදුකරගෙන යාමට ඉන්ධන පවතින්නේ ද තවත් දින 6 කට පමණයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |