ශ්‍රී ලංකා පොලිසියෙන් ලංකාවටම බලපාන ඩිජිටල් විප්ලවයක්- හැමෝගෙම ෆෝන් එකට එන අලුත්ම දේ මෙන්න
ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් සේවා රැසක් පහසුවෙන් ලබාගත හැකි ජංගම දුරකථන යෙදවුමක්(App) එළිදැක්වීමට නියමිතව තිබේ.
පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සාකච්ඡා කෙරෙන හමුවක් පසුගියදා පොලිස් මූලස්ථානයේදී පැවැත්වුනි.
මෙම හමුව සඳහා මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා, පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනී නිෂානි සෙනෙවිරත්න මහත්මිය, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී ලක්සිරි ගීතාල් මහතා, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්,යූ වුට්ලර් මහතා ඇතුලු කාර්යභාර්ය හිමි පොලිස් නිලධාරීන් “Vampior Design” මෘදුකාංග සංවර්ධන පුද්ගලික ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ අසංක බණ්ඩාර මහතා ඇතුලු “Vampior Design” පුද්ගලික ආයතනයේ නිලධාරීන් සහභාගීවිය.
නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් සේවාවන් රැසක් ඇඟිලි තුඩින් ලබාගැනීමේ පහසුව මහජනතාවට හිමිකරදීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත වීශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.
ව්‍යාපෘතිය අවසානයේ IOS හා Android මෙහෙයුම් පද්ධති සඳහා සරිලන ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හා නව පොලිස් වෙබ් අඩවියක් ඔබගේ තාක්ෂණික උපාංගය (Device) මගින් පරිශීලනය කිරීමට හැකිවනු ඇත.
ජංගම දුරකථන යෙදවුම(App) ඔස්සේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙත සමීපකරන දැනුවත්කිරීම්,පුවත්,ඡායාරූප, වීඩියෝ පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති අතර Notification පහසුකම හරහා ඔබ වෙත යම් හදිසි දැනුවත් කිරීමක් එසැණින් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.
පොලිස් නිශ්කාෂණ වාර්තා අයදුම් කිරීම්, හදිසි දුරකථන ඇමතුම් අංක, හදිසි අවස්ථාවක Location Alerts වැනි පහසුකම් වැනි පොලිස් සේවා ඔබට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීමට නියමිතය.
“Vampior Design” මෘදුකාංග සංවර්ධන පුද්ගලික ආයතනයේ නිර්මාණයක් වන මෙම යෙදවුම හා වෙබ් අඩවිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය හා පාලනය පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මගින්ද අන්තර්ගත කරුණු පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින්ද සකස්කරමින් පවතී. ඒ් අනුව පොලිස් සේවා ලබාගැනීම සඳහා මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා විවිධාකාරයෙන් වැයවන මහජනතාවගේ කාලය හා ශ්‍රමය ඉතිරිකර දෙමින් මෙම යෙදවුම නුදුරු කාලයේදී සෑම පුරවැසියෙකුගේම නවීන ජංගම දුරකථනයක් තුළ සුලභව භාවිතාවන යෙදවුමක්(App) වනු ඇත.