පරිගණකයක් දමා ගියේ ඇයි ?
By Hashan
රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු අන්දමින් ලැප්ටොප් පරිගණකයක් දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ජර්මන් තරුණිය කුරුදුවත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත් අඩංගුවට ගත් තරුණියගෙන් පැය 05 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා භාෂා පරිවර්තකයෙකු ද යොදා ගෙන ඇති බව පොලිසිය සදහන් කර සිටියා.
ලැප්ටොප් පරිගණකයේ මුරපදය තරුණිය විසින් පොලීසියට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.