පොලිසියෙන් ලක්ෂ ගණනක තෑගි ගන්න මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි..

CID - Sri Lanka Police Nihal Talduwa Police spokesman Sri Lanka Police
By Aruna Mar 22, 2024 03:34 AM GMT
Aruna

Aruna

Report

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අදාල වැඩි විස්තර පහත නිවේදනයෙන්,

GalleryGallery
ReeCha