මෙම දුරකථන අංක වලින් ඔයාටත් කෝල් එකක් ආවොත් කළ යුතු දේ මෙන්න..අදම දැනුවත් වන්න.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka
By Aruna Feb 17, 2025 01:26 AM GMT
Aruna

Aruna

Report

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර හතරකට පමණ පෙර විදෙස්ගත වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි, අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණ කරගෙන ඇත්තේ.

ඩුබායි හි රැඳී සිටින මෙම ජාවාරම්කරුවන්, කප්පම් ලබාගැනීම් සිදුකිරීම සඳහා මෙරට වෙනත් පුද්ගලයන් භාවිත කරමින් දුරකථන අංක කූට ක්‍රමවේදයක් ඔස්සේ යොදාගන්නා බව ද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ඔබත් මේ ලග්න වල නම් අද අනිවාර්යෙන් දුර දිග බලා කටයුතු කරන්න..නැති නම් දවසම විඳවන්න වෙයි.(VIDEO)

ඔබත් මේ ලග්න වල නම් අද අනිවාර්යෙන් දුර දිග බලා කටයුතු කරන්න..නැති නම් දවසම විඳවන්න වෙයි.(VIDEO)


එහිදී ඔවුන් තාක්ෂණික ක්‍රමවේදයක් මගින් විවිධ පුද්ගලයන්ට ඒ ඒ පුද්ගලයන් භාවිත කරන දුරකථන අංකයෙන්ම ඇමතුම් ලබාදී ඇතැයි අනාවරණ වී තිබේ.

ඒ අදාළ දුරකථන සමාගම මගින් ලැබෙන ඇමතුමක් බවට ඒත්තු ගැන්වීම සඳහා බවයි පැවසෙන්නේ.

එලෙස ඇමතුම ලබාදී, දිනුම් ඇදීමකින් ත්‍යාගයක් දිනා ඇති බවත් එය පිරිනැමීම සඳහා දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් ලැබෙන OTP අංකය ලබාදෙන ලෙසත් පවසන බවයි අනාවරණ වී ඇත්තේ.

පොලීසිය පවසන්නේ, අනතුරුව OTP අංකය මගින් දුරකථනයේ සියලුම විස්තර ලබාගෙන එම දුරකථන අංකයට අදාළව ඊ- සිම්පතක් ලබාගන්නා ජාවාරම්කරුවන් එය භාවිත කරමින් කප්පම් ලබාගැනීම සිදුකරන බවයි.

එලෙස ජාවාරම සඳහා බහුලව යොදාගෙන ඇති දුරකථන අංක 4ක් පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන තිබේ.

දිස්ත්‍රික්ක 08කට අද සිට යළි වැසි..ඉදිරි පැය 24 රේ කාලගුණ වාර්තාව මෙන්න..

දිස්ත්‍රික්ක 08කට අද සිට යළි වැසි..ඉදිරි පැය 24 රේ කාලගුණ වාර්තාව මෙන්න..


ඒ අනුව,

076 944 91 26

071 564 97 53

076 413 26 85

074 149 75 54

යන දුරකථන අංකවලින් දුරකථන ඇමතුමක් ලැබුණහොත් වහාම ඒ සම්බන්ධයෙන් ආසන්න පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙස විමර්ශන නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

You May Like This Video


ReeCha