පොලීසියට දැඩි තර්ජනයක් - දුරකථන ඇමතුමක් සිදුකළ දේ - (VIDEO)
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් වන ශක්ති ලක්රුවන් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පසුගියදා අත්අඩංගුවට පත්වුණි.
ඩුබායි හි සිටින ශක්ති ලක්රුවන් එසේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරින්ට අද(21) දුරකතන ඇමතුමක් දී තර්ජනය කර තිබුණි.
එනම් පසුගියදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කඩවත, රාගම පාර මංසන්ධිය අසල ක්ෂණික මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකළ අතර එහිදී යතුරුපැදියක් නවත්වා පරීක්ෂා කිරීමේදී පසුපැදිකරු සතුව තිබී, විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, රිවෝල්වරයක් හා ජීව පතොරම් 4ක් සොයාගැනුණි.
පසුව අනාවරණය වුණේ, වයස අවුරදු 29 හා 24 යන වයස්වල පසුවන එම සැකකරුවන් මීගහවත්ත හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටියදී ඔවුන් එලෙස අත්අඩංගුවට පත්වූ බවටයි.
එසේම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ ගණේමුල්ල සංජීව මෙහෙයවූ ඝාතන කිහිපයක යතුරුපැදිකරු ලෙස කටයුතු කර මේ වනවිට ඩුබායිහි සැඟව සිටින ශක්ති ලක්රුවන් නමැත්තෙකු ඔවුන් දෙදෙනා මෙහෙයවා ඇති බවය.
අදාළ ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදලක් ඉල්ලූ නමුත් එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස එම ව්‍යාපාරිකයාව හෝ ඔහුගේ කළමනාකරු ඝාතනය කිරීමට සැකකරුවන් දෙදෙනාට ශක්ති ලක්රුවන් නැමැත්තා කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි.
කෙසේවෙතත් එසේ තමා කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශක්ති ලක්රුවන් අදාළ පොලිස් නිලධාරියාට දුරකතන ඇමතුමක් ලබාදී තර්ජනය කර තිබුණි.
හඬ පටය සහිත වීඩියෝව පහතින්..
