විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචිය ගැන රජයෙන් ගත් අලුත් තීරණය මෙන්න!

By Shehan Apr 22, 2025 08:06 AM GMT
Report

විදුලි බලයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ (මෝටර් ට්‍රයිසිකල්) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීමේදී භාවිත වන විද්‍යුත් බැටරි හේතුවෙන් එම රථවල තාර බර ඉහළ යයි.

රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි – අද මිල ගණන් මෙන්න

රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි – අද මිල ගණන් මෙන්න

මේ නිසා, ලියාපදිංචි කිරීමේදී ඇතිවන අර්ථ නිරූපණ ගැටලු විසඳීමට, ත්‍රිරෝද රථයක උපරිම තාර බර කිලෝග්‍රෑම් 600ක් වන පරිදි මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීමට 2022-08-08 අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

නමුත්, එක් ආරෝපණයකින් වැඩි දුරක් ධාවනයට හැකි බැටරි පද්ධති, වායු සමීකරණ සහිත සුඛෝපභෝගී ත්‍රිරෝද රථවලට වැඩි ධාරිතාවක බැටරි, සහ විදුලි ප්‍රතිරෝධක තිරිංගවලින් එකතු වන බර ආදී අවශ්‍යතා සලකා, විදුලි ත්‍රිරෝද රථයක තාර බර (බැටරි බර ඇතුළුව) කිලෝග්‍රෑම් 650 ඉක්මවිය යුතු නොවන පරිදි අර්ථ නිරූපණය නැවත සංශෝධනය කරන ලෙස දේශීය විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදකයින් සහ පරිවර්තකයින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

නව විගණකාධිපතිවරයකු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

නව විගණකාධිපතිවරයකු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සලකා, යෝජිත සංශෝධන ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය විය.

අපි දළදා පෙන්නන්නේ දේශපාලන වාසියකට නෙමෙයි - නිලන්ති කොට්ටහච්චිට මල පනී

අපි දළදා පෙන්නන්නේ දේශපාලන වාසියකට නෙමෙයි - නිලන්ති කොට්ටහච්චිට මල පනී