පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාව හොයන්න කමිටුවක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට විසිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක එම කමිටුවේ ඉතිරි සාමාජිකයන් බවයි.