අනවශ්‍ය පොලිස් රාජකාරී ගැන තීරණයක් ගනී.
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By krishani
අනවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එම රාජකාරිවලින් ඉවත්කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ව පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කිරීමට තීරණය කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති අතර දැනට 5,400ක පමණ පොලිස් නිලධාරින් පිරිසක් මෙසේ පුද්ගලයින්ට හා ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
කෙසේවෙතත්, අමාත්‍යවරයා පොලිස්පතිට දැනුම් දී ඇත්තේ එම පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව අවශ්‍ය දැයි සොයාබලා තක්සේරු කරන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |