පාලු ඉඩමකින් හමු වූ අත්බෝම්බ..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 13, 2022 01:54 AM GMT
krishani

krishani

Report

කොටවිල ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී අත් බෝම්බ දෙකක් සොයාගෙන තිබෙන අතර ඒ ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසියකදීයි.

ඊයේ (12) දහවල් මෙම බෝම්බ සොයාගෙන ඇති අතර ඒවා කාලයක් තිස්සේ එම ස්ථානයේ තිබෙන්නට ඇතැයි සැක කෙරෙන අතර වර්ගය ද හඳුනා ගැනීමට නොහැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ ය.

මෙම ඉඩමේ කිසිවෙකු පදිංචිව සිටින ඉඩමක් නොවන බව ද සඳහන් ය.අත් බෝම්බ සම්බන්ධයෙන් කොටවිල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join