පොලිසියෙන් යැයි පවසා සිදුකළ ප්‍රබල මංකොල්ලය..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 10, 2022 07:34 AM GMT
krishani

krishani

Report

කොටහේන - ශාන්ත බෙනඩික් මාවත ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් පොලිසියෙන් යැයි පවසා හැඳුනුම්පතක් පෙන්වා නිවාස පරික්ෂා කළ යුතු බව පවසා මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා ඇත.

එහිදී හිමිකරුගේ හිසට ගිනි අවියක් එල්ල කළ පුද්ගලයින් දෙදෙනා හිමිකරුගේ දෑතට මාංචු දමා මෙම කොල්ල කෑම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අවුරුදු 29ත් 42ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් ය.

කොල්ල කන ලද මුදල්, රන් භාණ්ඩ, සහ දේපලවල වටිනාකම 13,760,000ක් බව පොලිසිය පවසයි.

ReeCha