රටේ මෙතෙක් නොසිටි බුද්ධි අංශයක් ගැන හිටපු පොලිස්පතිවරයෙක් ගෙන් දැනුම් දීමක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Jul 10, 2022 01:29 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජෙ.නි. පොලිස්පති රජයෙන් කළ ඉල්ලීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමානව ඊට නොදැවෙනිව රටේ ආර්ථිකය ද ආරක්ෂා කළ යුතු බැවින් මූල්‍ය බුද්ධි අංශයක් ස්ථාපිත කිරීම වැදගත් බව අපරාධ පරීකෂණ දෙපාතෙමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න රජයෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය බුද්ධි සේවයේ, බස්නාහිර පළාත් බුද්ධි අංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති සෙනවිරත්න මහතා ඉල්ලා සිටින්නේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට නොදෙවැනිව ආර්ථිකයද ආරක්ෂා කළ යුතු බවයි.

රටේ ආර්ථිකය බිඳ වැටීමට තුඩු දෙන ඛනිජ සම්පත්, මුහුදු සම්පත, වාණිජ සම්පත් ආදිය සම්බන්ධයෙන් එළැඹෙන ගිවිසුම්වලට යාමට ප්‍රථම මෙම මූල්‍ය බුද්ධි අංශය මගින් තොරතුරු ලබා ගැනීම ඉතාම වැදගත්ය.

එහිදී බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, පරිසර ආරක්ෂාව ආදී ආර්ථික ආරක්ෂාවට බලපාන කරුණුවල සුරක්ෂිතතාවයන් ලැබෙන බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නිලධාරීන් මූල්‍ය බුද්ධි අංශය සඳහා පත් කළ යුතුය.

ඊට අමතරව රාජ්‍ය වැදගත් ආයතනවලට පත් කරන පුද්ගලයන් පිළිබඳ මෙම බුද්ධි අංශය මගින් ආරක්ෂක නිෂ්කාෂණ වාර්තාවක් ලබා ගැනීමද වැදගත් වන බව හෙතෙම සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now