පොලිසි වලට පහර දීම ගැන ආරක්ෂ අංශ වලින් දැනුම් දීමක්..

Kamal Gunaratne Shavendra Silva Sri Lanka Police Sri Lanka
By Aruna May 10, 2022 11:54 PM GMT
Aruna

Aruna

Report

පොලිසිවලට පහර දීමේ සැලසුමක් ආණ්ඩුව විසින් ඊයේ දින රාත්‍රී සුදානම් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කළා.

එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළේ, ඔවුන් විසින්ම මෙම පහරදීම සිදුකර එහි වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිට පැටවීමට සැලැසුම් කර ඇති බවයි.

මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා නවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ආරක්ෂක හමුදාවන් විසින් කිසිදු අවස්ථාවක මහජන කැළඹීම් ඇති විය හැකි කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි.

යුද හමුදා මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආරක්ෂක අංශ යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ජනතාව කුපිත කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ඉතා පහත් සහ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශය ත්‍රිවිධ හමුදාව විසින් තරයේ හෙළාදකින අතර ආරක්ෂක අංශ විසින් කිසිදු අවස්ථාවක එලෙස මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ආකාරයක පහත් ක්‍රියාවන්වල නිරත නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now