සුන්දර ලදුන්ගේ පහස ගන්න ගිය පොලිසියේ 02කට වුණ දේ මෙන්න.
Sri Lanka
Gossips
Spa girl
Kahathuduwa police
Kottawa police
By Aruna
කහතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම නිලධාරීන් දෙදෙනා කොට්ටාව පොලීසියට පැමිණි අවස්ථාවේදීයි.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා තලංගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී මුදල් නොගෙවා පළා ගොස් තිබුණා.
පලාගිය පොලිස් නිලධාරීන් දෙදෙනා පසු පස සම්බාහන මධ්‍යස්ථානයේ සේවකයන් පිරිසක් හඹා ගොස් ඇති අතර ඔවුන්ගෙන් මිදී පළා යාම සඳහා එම නිලධාරීන් දෙදෙනා කොට්ටාව පොලීසියට ගොස් තිබෙනවා.
සම්බාහන මධ්‍යස්ථානයේ සේවකයන් විසින් කොට්ටාව පොලිස් ස්ථානයට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
එම නිලධාරීන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිස් ස්ථානයට භාර දුන් බවයි කොට්ටාව පොලීසිය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |