අවුරුදු 100කට පස්සේ පොලිසිය අලුත් වෙයි..

Police Dehiwala Police station
By Aruna Jun 01, 2021 08:11 AM GMT
Aruna

Aruna

Report

 නව පොලිස් මූලස්ථාන සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

දෙහිවල, අත්තිඩිය පාරේ බෙල්ලන්තොට හන්දියේ අක්කර 14ක භූමි ප්‍රදේශයක නව පොලිස් මූලස්ථාන සංකීර්ණය ඉදි කරීමට යෝජිත වෙයි.

අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අවශ්‍ය ගොඩනැගිලි වෙන් වෙන් ව්‍යාපෘති ලෙස හඳුනාගෙන ඉදි කිරීමේ ප්‍රසම්පාදන කාර්ය සිදු කිරීම ද එම යෝජනාවේ සඳහන් ය.

දැනට පොලිස් මූලස්ථානය යෝර්ක්වීදිය හා චෛත්‍යපාර සම්බන්ධ වන මාර්ගය මැදි කොට වසර 100 කට වඩා පැරණි ගොඩනැගිලි 3 ක පවත්වා ගෙන යනු ලබන බවත් ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත කාර්යාල සහ කොට්ඨාස කිහිපයක් කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිලිවල පවත්වා යනු ලබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now