පැය 24ක් ඇතුලත ආණ්ඩුවට රතු එළියක්..පොහොට්ටුව කැළඹෙයි.

Sri Lanka Political Basil Rajapakshe Sagara kariyawasam Podujana peramuna
By Aruna Nov 25, 2021 02:53 AM GMT
Aruna

Aruna

Report

දින තුළක් ඇතුළත දී පළාත් පාලන ආයතන කිහිපයක ම වාර්ෂික අයවැය පරාජයට පත් වුණා.

මේ පිළිබඳ වහා ම පරීක්ෂණයක් සිදු කර අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඒ බව සඳහන් කළා.

මෙම අයවැය පරාජයන්ට හේතුව සොයා බැලීමේ දි පෙනී යන කරුණක් ලෙස, එම ආයතනවල පවතින අභ්‍යන්තර අර්බුධ බව හඳුනාගත හැකියි. ඇතැම් ප්‍රදේශීය සභාවල සභාපතිවරුන්ගේ අධුරදර්ශී, අත්තනෝමතික හා අවිධිමත් ක්‍රියාදාමයන් මීට හේතු වන බවයි වාර්තා වෙන්නේ.

මෙම සභාපතිවරුන්ගේ හැසිරීම මත පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කිරීමේ දී යම් අකැමැත්තක් පළ කර ඇති බවත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now