ඉන්ධන අර්බුදය : ජූනි මාසේ ඉන්ධන ආනයනය ගැන ඇමති කිව්ව කතාව..

Fuel Price In Sri Lanka Sri Lankan protests Kanchana Wijesekera Financial crisis Sri Lanka Fuel Crisis
By Sithumi May 30, 2022 04:25 PM GMT
Sithumi

Sithumi

Report

ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554 ක් පමණ අවශ්‍ය බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

ඉන්ධන ආනයනට අවශ්‍ය ඉතිරි ඩොලර් මිලියන 454ක මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සමඟ අද(30) පෙරවරුවේ සාකච්ඡා කළ බවත් ඉන්දියානු රජය සමඟ නව ණය යෝජනා ක්‍රමයක් පිළිබඳවද සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.