දිවයින පුරා සතියට දින 4ක් විවෘත වන සියලු ස්ථාන මෙන්න..17 සහ 18 සිදුවෙන දේ.

Curfew Police Sri Lanka Lock down Postal service
By Aruna Sep 14, 2021 01:21 AM GMT
Aruna

Aruna

Report

තැපැල් කාර්යාල බදාදා සහ බ්‍රහස්පතින්දා වසා තැබීමට තීරණය කරයි තැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ නිරෝධායන ඇඳිරි නීතිය පවතින ඉදිරි සතිය තුළ දිවයිනේ සියලු තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා විවෘතව තැබෙන බවයි.

බදාදා සහ බ්‍රහස්පතින්දා දින 2ක තැපැල් කාර්යාල වසා තබන බව එම නිවේදනයේ සදහන් වේ.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ කාර්යාමණ්ඩලයේ 500ක් පමණ කොවිඩ් ආසාදනය වූ බව ද තැපැල්පතිවරයා සදහන් කරයි.

මේ හේතුවෙන් තැපැල් කාර්යාල 50ක් පමණ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් පවතින බව ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් වැඩිහිටි ආධාර දීමනා ඇතුළු ගෙවීම් කටයුතු ලබන 17 වනදා සහ 18 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha