සනත්, කළු, දිල්ෂාන්, මුරලි, වාස් අද යලි ක්‍රිකට් පිටියට...උණුසුම් තරඟය මෙන්න.

Sri Lanka Cricket Sanath jayasuriya Sri Lanka old cricketers Muththaiya muralidaran Thilakarathne dilshan Chaminda vas Nuwan kulasekara
By Aruna Jan 20, 2022 04:35 AM GMT
Aruna

Aruna

Report

විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය’ ඕමානයේ දී අද ආරම්භ වනවා.

ඉන්දියා මහරාජාස්, ඒසියා ලයන්ස් සහ වර්ල්ඩ් ජයන්ට්ස් යන කණ්ඩායම් 3 මෙවර තරගාවලිය සදහා සහභාගී වේ.

ආසියානු කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප්‍රනාන්දු යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් මෙම කණ්ඩායමට ඇතුලත්.

අද පළමු තරගය පැවැත්වෙන්නේ ඉන්දියා මහාරාජාස් කණ්ඩායම සහ ඒසියා ලයන්ස් කණ්ඩායම් අතරයි.

විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, හර්බජාන් සිං, ඉර්ෆාන් පතන්, යූසුප් පතාන්, නයන් මොංගියා සහ ආර් පී සිං ඉන්දියා මහරාජා කණ්ඩායමට තරඟ වදින අතර, වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ඩැරන් සැමී, ඩැනියෙල් විටෝරි, කෙවින් පීටර්සන්, හර්ෂල් ගිබ්ස්, බ්‍රෙට් ලී ඇතුළු ක්‍රීඩකයින් රැසක්ද ක‍්‍රීඩා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now