තව සති දෙකකින් රටටම සුබ ආරංචියක්.!!

Sri Lanka Ceylon Electricity Board
By Aruna Oct 09, 2022 02:13 AM GMT
Aruna

Aruna

Report

නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තවත් සති දෙකකින් පමණ ජාතික පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එමඟින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.

නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් 300 බැගින් උත්පාදනය කෙරෙන ජනන යන්ත්‍ර 03 කින් සමන්විතයි.

බලාගාරයේ ඉදිකිරීම් 2006 වසරේ මැයි මස 11 වැනිදා ඇරඹුනු අතර, එහි පළමු අදියර 2011 මාර්තු 22 වැනදා විවෘත කෙරුණා.

එහි දෙවන සහ තෙවන අදියර 2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදා ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600 ක් එකතු කරමින් විවෘත කිරීමටයි පියවර ගැනුණේ.

මේ වනවිට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක මගින් මෙගාවොට් 600 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, නඩත්තු කටයුතු සිදු කෙරෙන දෙවන ජනන යන්ත්‍රයත් පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.

එසේම, විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මේ මස 26 වැනිදා පමණ වනතුරු බලාගාරය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග පවතින බවයි.

කෙසේ වෙතත්, පසුගියදා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ගල් අඟුරු නෞකා දෙකක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බව ප්‍රකාශ කළා.

මේ අතර, විදුලිය සහ ජලයට අමතරව ඉන්ධන නියාමනය කිරීමේ බලතල ද ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now