කොළඹ ජාතික රෝහලේ ධාරිතාව ඉක්මවා යන ලකුණු - ඉදිරියේ දී සාමාන්‍ය රෝගීන්ට ප්‍රතිකාරත් නැහැ
මේ වන විට දිවයින පුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස තත්ත්වය යම් ඉහළ යාමේ තත්ත්වයක් වාර්තා වන අයුරු දැකිය හැකි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක පවසනවා.
දෛනිකව රට තුළ වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පවතින හෙයින්, රෝහල් තුළ මීට පෙර සිදු කළ සාමාන්‍ය ශල්‍යකර්මවලට ඉන් බාධාවක් ඇති වන බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.
ඊට හේතුව ලෙස වෛද්‍යවරයා අවධාරණය කළේ, කොරෝනා වෛරසය ආසාදන වූ රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වූ විට, ඔවුන්ගේ සෞඛ්‍යමය තත්ත්වයන් අනුව අදාළ රෝගීන් හට දැඩි සත්කාර ඒකක වෙන් කිරීමට සිදු වන බවයි.
එසේ වූ විට දැන් පවතින පරිදි සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සඳහා මෙන්ම ඔවුන්ගේ ශල්‍යකර්ම කටයුතු සඳහා ද ඉන් බලපෑමක් ඇති වන අතර, එම ශල්‍යකර්ම පවා එසේ වුවහොත් කල් දැමීමට සිදු වන බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
රට තුළ යම් තරමකින් කොවිඩ් ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණ ද මේ වනවිට යළිත් එම තත්ත්වය වෙනස් වී ඇති බව ප්‍රකාශ කරන වෛද්‍ය චන්දන ගජනායක කියා සිටියේ, එම තත්ත්වය තුළ සාමාන්‍ය පරිදි බාහිර රෝගීන්ට ප්‍රතිකාර මෙන්ම ශල්‍යකර්ම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු බවයි.
මේ වනවිට සෞඛ්‍ය අංශයේ කිහිපදෙනෙකුට ම වෛරසය ආසාදනය වීම හේතුවෙන් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි අර්බුදයකට ඉදිරියේ දී යළිත් මුහුණ දීමට සිදු විය හැකි බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා.
එනම්, සෞඛ්‍ය අංශවල නියුතු වූවන්ට ද වෛරසය ආසාදනය වීමෙන් හිඟ වෛද්‍ය, හෙද මෙන්ම අනධ්‍යයන සේවක පුරප්පාඩුවක් ඇති වන බවයි වෛද්‍ය චන්දන ගජනායක වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
කොවිඩ් 19 වෛරසය මර්දනයට ලබාදෙන එන්නත් ක්‍රියාවලියට යොමු වුව ද බොහෝ විට වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ ඇති හෙයින්, එතුළින් සෞඛ්‍ය සේවය මානව සම්පත් අර්බුදයකට ද ලක්වන බව ද වෛද්‍යවරයා සඳහන් කරනවා.
එබැවින් සියලු ම ප්‍රජාව තවදුරටත් හැකි උපරිමයෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂා වීම වගකීමක් වන අතර, මෙවන් අර්බුදයක් යළි නිර්මාණය වුවහොත් සෞඛ්‍ය අංශ සතු ඔක්සිජන් ධාරිතාවේ ද අඩුවීමක් සිදු වන බවයි වෛද්‍ය චන්දන ගජනායක කියා සිටියේ.
රට තුළ දෛනිකව සිදු වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යා වේ ද යම් වැඩිවීමක් දක්නට ලැබෙන හෙයින්, මෙම ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීමට සියලු දෙනාම වගකීමෙන් සහ පූර්ණ දැනුවත්වීමකින් ක්‍රියා කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |