මොකක්ද මේ ජනතාව ඉල්ලන වැඩපිළිවෙළ? දිනෙන් දින ඛේදවාචකයන්
අනතුරුදායක වෙරළ තීරයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනතාව පවසනවා.
එසේ නොමැති වුවහොත් දිනෙන් දින සිදුවන දියේ ගිලීම් වැඩි විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වැලිගම වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ සිසුවියන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (23) රාත්‍රියේම වෙරළට ගොඩගසා තිබියදී හමුවුණා.
මොවුන් ඥාති සොහොයුරියන් බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස මියගිය එක් දැරියකගේ වයස අවුරුදු 12 ක් වන අතර, අනෙක් දැරිය 15 හැවිරිදි වියේ පසුවනවා.
මොවුන් දෙදෙනා සහ තවත් දැරියක් දියනෑමට ගොස් තිබුණේ අවුරුදු 21ක් වයසැති තරුණියක් සමග යි. පසුව මොවුන් සියලුදෙනා දියේ ගිලී ඇති අතර, ඉන් 14 හැවිරිදි දැරියක් සහ තරුණිය ප්‍රදේශවාසීන් විසින් බේරාගැනීමෙන් පසුව මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසී ජනතාව සදහන් කළේ අනතුරුදායක වෙරළ තීරයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකළ යුතු බවයි.
මේ අතර උඩුදුම්බර - මීමුරේ ප්‍රදේශයේ ඇළක දියනෑමට ගිය 30 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
අතුරුදන් පුද්ගලයා තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඊයේ (23) මෙලෙස අනතුරට මුහුණපා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |