බූස්ටර් එන්නත නොගත්තොත් දඩයක් !

booster vaccine gagana news today news Sri lanka sinhala news Trending news
By krishani Jan 24, 2022 03:27 AM GMT
krishani

krishani

Report

 කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා,

"යුරෝපා රටවල මෙන්ම විවිධ දියුණු රටවල මේ ආකාරයෙන් නීතිමය ප්‍රකාරව කටයුතු කරමින් යනවා තුන්වන මාත්‍රාව අනිවාර්ය කිරීම පිළිබඳව. අපේ රටේත් සෞඛ්‍ය අමාත්‍යාතුමා විසින් ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ නීති උපදෙස් ආකාරයෙන් මෙහිදී අපි නෛතික රාමුවක් තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය ගැටලුව තුළදීම නැතිනම් ඒ ප්‍රකාශ තුළින්ම දියුණු රටවලින් නීතිමය ප්‍රකාරව කටයුතු කිරීම තුළින් පෙනී යනවා මේකේ තියෙන වැදගත් බව. ඉතින් ඒ නීතියට දඩයක් නියම කරන්නේ ඔබව රැකගන්න. ඉතින් එවැනිම ආකාරයක සිදුවීමක් තමයි මේ තුන්වන මාත්‍රාව ලබාගැනීම කියන එකට නීති පද්ධතිය හරහා එන රුකුලක් වගේම ඒ කරන්න හදන්නේ ඔබව ආරක්ෂා කරගැනීමට. ඒ පුද්ගල වගකීම පෙරදැරි කරගෙන ඔබ, ඔබ විසින්ම තීරණය කර ගනිමින් ඔබේ ආරක්ෂාව තර කරගැනීම අප සියලු දෙනාගේම වගකීමක්." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now