දිය යට සැඟව ගිය තවත් ජීවිතයක්

accident trending news gagana news today news Sri lanka sinhala news
By krishani Jan 24, 2022 02:52 AM GMT
krishani

krishani

Report

උඩදුම්බර පොලිස් වසමේ මීමුරේ ප්‍රදේශයේ ඇළක දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

ඊයේ (23) දහවල් කාලයේ දී අතුරුදන් වූ පුද්ගලයා තවත් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා පැමිණ එම අනතුරට ලක්ව ඇති බවට පොලීසිය පවසයි.

එලෙස අතුරුදන්ව ඇත්තේ, 30 හැවිරිදි තිබිරිගස්කටුව, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now