බස් මගීන්ට දෙන්න හදන අලුත් බස් ගාස්තු ක්‍රමය

sri lanka trending news Sri lanka sinhala news Today news
By krishani Jan 24, 2022 02:20 AM GMT
krishani

krishani

Report

බස් මගීන් සඳහා ඉදිරියේදී අලුත්ම ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට සිදුවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ(23) දින පැවසීය.

බස් සේවකයින් වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී එම ගාස්තු ක්‍රමය හඳුන්වාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"මම පොලිස්පතිතුමාට ලිඛතව දැනුම්දුන්නා ආසනගත නීති කඩකරන සියලුම බස්රථ අත්අඩංගුවට ගන්න කියලා. එහෙම ගොඩක් තැන්වල සිදුවෙලා තිබුණා. නමුත් අපිට පේනවා ග්‍රාමිය මාර්ගවල මේ නීතිය කඩනවා කියලා.

අපි මේක නතර කළේ නැතිනම් එළඹෙන සතිය වෙද්දි හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මගියෙකුට පුළුවන් ආසනයක් නැතිනම් අඩුම තරමේ නීතිය කඩන එක කෙසේවෙතත් හිටගෙන යනවා නම් ඒ ගාස්තුව විතරක් ගෙවන්න.

අපි බස් සේවකයින් ගැන සානූකම්පිතව හිතලා සැලකියයුතු මිල වැඩිකිරීමක් ලබලා දුන්නා රටේ පවතින තත්ත්වය අනුව. එහෙම නම් අපේ කොන්දේසිවලටත් එකඟවෙන්න ඕනේ. එකඟවුණේ නැතිනම් ඉදිරි සතිය තුළ ආසනගත ගාස්තුව වගේව හිටගෙන යනවා නම් පරණ තිබුණ ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් නියම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටගෙන යන අයට පුළුවන් ඒක ගෙවනන්. ඉදගෙන යන අයට පුළුවන් ඒ ගාණ ගෙවන්න. එතකොට අපට ළඟට ඇවිත් ඒක වෙනස් කරන්න කිව්වාට අපි ඒක කරන්නේ නැහැ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now