හෙට සිට විදුලිය කැපෙන හැටි මෙන්න.

electricity trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 23, 2022 08:30 AM GMT
krishani

krishani

Report

මේ වන විට මෙරට විදුලි උත්පාදන කටයුත්ත බරපතළ අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් අහිමි වීමයි.

මේ සමගම තාප විදුලි බලාගාර සහ ජල විදුලි බලාගාර පූර්ණ ධාරිතාව ඇතිව ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තේ ඇති විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා යි.

කෙසේ වෙතත් මේ වන විට සපුගස්කන්ද සහ කැලණිතිස්ස ප්‍රධාන තාප විදුලි බලාගාර දෙකට අවශ්‍ය කරන දැවි තෙල් සහ ඩීසල් නොමැති වීම හේතුවෙන් එම විදුලි බලාගාරවල ජනන කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.

ඊයේ (22) දහවල් දෙකේ සිට සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය ඇන හිටියේ ඊට අවශ්‍ය නැප්තා නමැති දැවි තෙල් නොමැති වීම හේතුවෙන්.

මේ අනුව හෙට (24) සිට දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි අදියර හතරකින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර හෙට දිනයේ දී එම විදුලිය කප්පාදුව පැයකට සීමාවන අතර අනිද්දා (25) සිට පැය දෙකක් දක්වා දීර්ඝ විය හැකි බවයි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ.

මේ අතර අද (23) උදෑසන අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ ලබන සිකුරාදායින් පසු අවම තරමින් දිනකට පැය හතරක විදුලි කප්පාදුවක් කරා යොමු වීමට සිදු වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now