මොකද්ද මේ ඇමති ජොන්ස්ටන් ජනපතිට කළ ඉල්ලීම

sinhala news trending news today trending news Mr.Jonstan fernando
By krishani Jan 23, 2022 07:06 AM GMT
krishani

krishani

Report

පල්ලිවල බෝම්බ තැබීම ජාතික ආරක්ෂාව අවුල් කිරීමට කරන වැඩක් විය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ සිද්ධියේ මහ මොළකරු සොයන්නයි දැන් කිසිවකු නොඉල්ලන බවද ඔහු කීවේය. ගෑස් ඉබේ පිපිරෙන්නේ නෑ..

ඒවා පිටුපස සිටින කඩාකප්පල් කාරීන් ගැන වහාම සොයා බැලිය යුතුයි. ජනාධිපතිතුමා ලිට්‍රො සභාපති ඉවත් කෙරුවේ නැහැ.

එතුමාම ඒ ස්ථානයට ගිහිල්ලා තීන්දුවක් ගත්තා ඒ ධුරයේ ම ඔහුව තියන්න ඕනෑ කියලා.ජනාධිපතිතුමන්ට වරද පටවන එක වැරදියි.

ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමා සියැසින් ලංකාගම දැක බලාගෙන පාරවල් හදන්න තීරණය කළා වගේම එතුමන් තීන්දුවක් ගත්තා සභාපති තියාගන්න.ජනාධිපතිතුමා හැටියට එතුමන්ට සම්පූර්ණ බලය තියෙනවා ඉවත් කරනවද නැද්ද කියලා තීන්දු තීරණ ගන්න.

ගෑස් පිපිරීම ගැන හොයන්න මම කලින් ඉඳන් කිව්වා. මම පිලිගන්නෑ මේ ගැස් ඉබේ පිපිරෙනවා කියලා. නමුත් මෙය ගැන හොයා බැලිය යුතුයි. මේ ගැන හොයන්න කිව්වම සමහරු අපිට හිනා උනා.

දැන් පේනවනේ බෝම්බ තියලා වෙලා තියෙන දේ. පල්ලියේ ගිහින් බෝම්බ තියලා තියෙනවා. දැන් කවුරුවත් කියන්නේ නෑ මහ මොළකරු හොයන්න කියලා. මේ මහ මොළකරු හොයන්න ඕනි. කවුද මේ බෝම්බ තිබ්බෙ, කවුද මේ පිටුපස ඉන්නේ කියලා.ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ කියලා.

ජනාධිපතිතුමා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමා ජනාධිපති වශයෙන් නිවැරැදි තීන්දු තීරණ ගන්නවා. එතුමන්ට සම්පූර්ණ බලතල තියෙනවා ඇමතිලා සභාපතිලා පත් කරන්න වගේම ඉවත් කරන්න. මම අදටත් කියනවා මේ ගෑස් පිපිරීම ගැන හොයන්න කියලා මේ කණ්ඩායම ගැන අනිවාර්යයෙන් හොයන්න ඕනි. මට හිනා උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලියට බෝම්බ තිබ්බ වගේ රජය අපහසුතාවයට පත් කරන්න, රටේ ජාතික ආරක්ෂාව අපහසුතාවයට පත් කරන්න කරන වැඩද කියලා හොයන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now