අශ්ව තුන්ඩුවෙන් ආ මාරයා අඹ යාළුවාව ගෙනිහින්

murder arrested gagana news sri lanka sinhala news today trending news
By krishani Jan 23, 2022 06:15 AM GMT
krishani

krishani

Report

මුදලට අශ්වයන් ඔට්ටු තබන බිල් පතක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනකු අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල , පරණ කැස්බෑව පාර , 01 පටුමගේ අංක 06/02 හි පදින්චිය මද්දුම ආරච්චිගේ අනුර ශාන්ත (56) හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයින් දෙදෙනා කලක සිට අඹ යහළුවන් වන අතර දිනපතා මුදලට අශ්වයන් ඔට්ටු තැබීමට පුරුදු ව සිට ඇතැයි පැවසේ .

ඒ අනුව දෙදෙනා දෙල්කඳ පැගිරිවත්ත පාරේ පිහිටි මුදලට අශ්වයින් ඔට්ටු තබන ස්ථානයකට ගොස් අශ්වයින් ඔට්ටු තැබීමට අදාල බිල් පතක් ලිවීම සඳහා එක් මිතුරෙකු අනිත් මිතුරාට පවසා ඇතත් ඊට එම මිතුරා විරෝධය පළ කිරීමත් සමග දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත් පැවසේ.

පසුව එම ආයතනයේ හිමිකරු දෙදෙනා සමථයකට පත්කොට ස්ථානයෙන් පිටත් කර ඇති අතර පසුදා සවස ඉන් එක් පුද්ගලයකු දෙල්කඳ පැඟිරිවත්ත පාරේ පිහිටි ආප්ප කඩයකට පැමිණ ආප්ප ගනිමින් සිටියදී පෙරදා බහින්බස්වීම ඇතිකරගත් අනෙක් මිතුරා ද පැමිණ ඇති අතර එහිදී නැවත වරක් දෙදෙනා අතර ආරවුල හටගෙන තිබේ.

ගැටුම හට ගන්නවාත් සමගම විදුලි බලය විසන්ධි වී ඇති අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයකු අත තිබූ තියුණු ආයුධයකින් අනෙක් පුද්ගලයාට මෙසේ පහරදීමක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේදී වූ පොර බැදීමෙන් දෙදෙනාටම තුවාල සිදුවීම නිසා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදි පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now