ඩොලර් හිඟය මෙදා සැරේ පොහොර !
යූරියා ඇතුළු රසායනික පොහොර මෙට්‍රික් ටොන් 12,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට ගෙන්වීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් මහතන්තිල මහතා කියා සිටියේ රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු ගත වූ දින කිහිපය තුල යූරියා මෙට්‍රික් ටොන් 1, 500ක පමණ ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි.
ඉතිරි රසායනික පොහොර තොග ගෙන්වීම සඳහා කළ ඇණවුම්වලට මේ වන විට අනුමැතිය ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව සෙසු රසායනික පොහොර තොග ඉදිරි සති කිහිපය තුළ කොටස් වශයෙන් නෞකා මගින් මෙරටට ගෙන්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
අදාළ රසායනික පොහොර තොග යුක්‍රේනය ඇතුළු යුරෝපා රටවලින් මෙන්ම සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලින් මෙරටට ගෙන්වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඩොලර් නොමැති වීම සහ ණයවර ලිපි නිකුත් නොකිරීමේ ගැටලු හේතුවෙන් ආනයනික රසායනික පොහොර තොග මෙරටට ගෙන්වීම ප්‍රමාද වී ඇති බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |