මිනිසුන්ට සුබ,වන සතුන්ට අසුබ අධිවේගය

Dead highway trending news gagana news today news Sri lanka sinhala new wild animals
By krishani Jan 23, 2022 01:49 AM GMT
krishani

krishani

Report

පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් අධිවෙිගි මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ වාහන හේතුවෙන් ඇතිවූ පරිසර දුෂණ බලපෑම් හේතුවෙන් පසුගිය කාලය පුරා මරුමුවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවූ බව පරිසර සංවිධාන පවසයි.

මොනරුන් පමණක් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ එම වාහන මගින් ඇති කළ පරිසර දූෂණ බලපෑම් නිසා මරුමුවට පත්ව ඇතැයි පරිසර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ අධිවේගී මාර්ගවලදී යම් යම් වන සතුන්ට ගැටලු මතුවන බව තමා පිළිගන්නා බවයි.

පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ප්‍රිය කරන ගස් කොළන් අධිවේගී මාර්ග දෙපස වැවීම නොකරන ලෙසට උපදෙස්දී ඇත්තේ මේ තත්වය සැලකිල්ලට ගෙන බව පවසන අදහස් ජනරාල්වරයා අධිවේගී මාර්ග ආරම්භ කළ කාලයට සාපේක්ෂව වන සතුන්ට වන හානි මේ වනවිට බෙහෙවින් අඩුවී ඇති බවයි.

අධිවේගී මාර්ග බලධාරීන් වන සතුන් ආකර්ෂණය වන ගස් කොළන් මාර්ග දෙපස වැවීමෙන් වැළකී සිටීමට දැනටමත් පියවර ගෙන ඇතැයිද විශේෂයෙන් මොනරුන් සුලබව සිටින ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට අධිවේගී මාර්ගවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කැර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීවේය සමහර වන සතුන් අධිවේගී මාර්ග මතදී ඇතිවන බලපෑම හේතුවෙන් මරුමුවට පත්ව සිටියදී සොයා ගැනුණේ එම මාර්ගවලට පිටත විවිධ ස්ථානවල වැටී සිටියදී බව පරිසරවේදීහු ප්‍රකාශ කරති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now